හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල ප‍්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම ලබන 6 වනදා තෙක් කල් තබා තිබෙනවා. අදාල පෙත්සම අද කුමුදු වික‍්‍රමසිංහ සහ අචල වෙංග්පුලි යන විනිසුරු වරුන් හමුවේ කැදවූ අවස්ථාවේදී.
ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ නඩුවෙන් තමන් ඇතුලූ විත්තිකරුවන් නිදහස් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පෙත්සම ගොනුකර තිබුණා.
මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ සිවුදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව යලි ලබන 6 වනදා විභාග කිරීමට අධිකරණය නියෝග කලා. ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදී.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාලව සිදුවූ මූල්‍ය අක‍්‍රමිකතාවයක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඇතුලූ සිවුදෙනෙකුට එරෙහිව එම නඩුව ගොනු කර තිබෙනවා.
SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka