ශ‍්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ‍්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සදහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පළමු සාක්ෂි විභාගය අද ආරම්භ වුණා.
කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප‍්‍රකාශ කළේ, සාක්ෂි විමසීම සඳහා මේ වනවිට සමාගම් රෙජිස්ටාර් සහ එහි නිලධාරියෙකු කැඳවා ඇති බවයි.
ශ‍්‍රී ලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ‍්‍රී ලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි, පැවසෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අද වනවිලැබී ඇති මහජන පැමිණිලි සංඛ්‍යාව 44 ක්.
එම පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු විශේෂ කණ්ඩායම් දෙකක් මගින් ක‍්‍රියාත්මකයි.
ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්, විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බවයි ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ප‍්‍රකාශ කළේ.
අදාළ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක‍්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ කොමිසමක් පත් කළේ පෙබරවාරි 14 වනදායි.
එම කොමිසමේ සභාපතිත්වය දරන්නේ විශ‍්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින්.
අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ‍්‍රාමලත් විගණකාධිපති එම්.ඞී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය එහි සෙසු සාමාජිකයින් වනවා.
SIYATHA Top Story | 10:00 AM | Editor : Sitahara Athukorala