News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදිත මත්පැන් තොගයක් අත්අඩංගුවට

655 Views


විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදිත මත්පැන් තොගයක් අත්අඩංගුවට

රුසියානු ජාතියෙකුට අයත් හුංගම කළමැටිය ප‍්‍රදේශයේ පිහිටි සංචාරක නිකේතනයක තිබී විදේශීය රටවල් කිහිපයක නිෂ්පාදිත මත්පැන් තොගයක් ඊයේ රාත‍්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරකට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් අනතුරුවයි.  එහිදී මිලිලීටර් 750 මත්පැන් බෝතල් 89ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.

අනවසරයෙන් මත්පැන් තොග තබා ගෙන සිටි සංචාරක නිකේතනයේ කළමණාකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන අති අතර සැකකරු හා මත්පැන් තොගය හුංගම පොලීසියට බාර දී ඇති බව සඳහන්.

මේ අතර හෙරොයින් ග‍්‍රැම් 55යි මිලිග‍්‍රෑම් 230ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ල සහ ගල්කිස්ස ප‍්‍රදේශවලදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කලේ ඔවුන් බොරැල්ල-හල්ගහකුඹුර සහ ගල්කිස්ස-බඩෝවිට ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි. මෙම සැකකරුවන් අද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

SIYATHA Top Story | 11:00 AM | Editor : Sitahara Athukorala


News Articles
Latest Videos
Most Popular Post