News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අත්අඩංගුවට

740 Views


ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අත්අඩංගුවට

අත්අඩංගුවට ගැනුණු ලිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඇතුලූ සිව්දෙනා අද නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සැකකරුවන් ඊයේ මෙලෙස අත්අඩංගුවට ගැනුණේ පස් හැවිරිදි දැරියක් පැහැර ගැනීම සම්බන්ධයෙන්.

නුවරඑළිය පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම වැටලීම සිදුකර තිබුණා.

ලිදුල තලවාකැලේ නගර සභාවේ සභාපතිවරයා සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් තුන්දෙනා අතරට තවත් නාගරික මන්තී‍්‍රවරයෙකු ඇතුළත්.

පසුගිය වසරේදී ආගරපතන ප‍්‍රදේශයේ පදිංචිව සිටි පස් හැවිරිදි දැරියක් පැහැර ගෙන මුදලට විකිණීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

SIYATHA Main News | 12:00 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post