News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහරදීමක්

579 Views


නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහරදීමක්

නඩත්තු කටයුත්තක් සදහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට පහර දුන් බව කියන කණ්ඩායමේ එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නොරච්චෝලේ පොලීසිය පවසනවා.

සිද්ධියට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කි‍්‍රයාත්මකයි.

පුත්තලම – කරඹ ප‍්‍රදේශයේ නිවසක ගින්නක් හට ගෙන ඇති බව විදුලි බල මණ්ඩලයට අයත් නොරචෝලේ – කොයියාවාඩිය ප‍්‍රදේශයේ පිහිටි විදුලි ඩිපෝවට තොරතුරක් ලැබී ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු අදාල නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා ගොස් සිටියදී මෙම පහර දීම සිදුවී තිබුණා.

තුවාල ලැබූ විදුලි බල මණ්ඩලයේ සේවකයින් දෙදෙනා ප‍්‍රතිකාර සදහා මේ වනවිට ඇතුළත් කර ඇත්තේ පුත්තලම මූලික රෝහලටයි.

ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බවයි පොලිසිය සදහන් කළේ.

SIYATHA Main News | 12:00 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post