News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

“අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනාගේ නම් හෙළි කළ යුතුයි” – දුමින්ද දිසානායක

463 Views


“අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනාගේ නම් හෙළි කළ යුතුයි” – දුමින්ද දිසානායක

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන ක‍්‍රියාවලිය පිළිබඳ සාකච්ජාවක් අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.

සාකච්ජාව සඳහා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටියා.

මේ අතර අමාත්‍ය මණ්ඩල රැස්වීම ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යයාලයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එම රැස්වීමෙන් අමතරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සදහන් කළේ ,පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනාගේ නම් හෙළි කළ යුතු බවයි.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post