News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධූරයට

552 Views


මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ධූරයට

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පත් කර තිබෙනවා. ඒ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින්.

පක්ෂ ව්‍යවස්ථාවේ 7 යි 1 වගන්තියට අනුව අදාල පත් කිරීම පසුගිය අපේ‍්‍රල් මස 26 වනදා සිට ක‍්‍රියාත්මක යි.

අමාත්‍ය මංගල සමරවීර මහතා මේ පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ සටහනක්ද තබා තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ තමන් වසර 30 කට පෙර මාතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් වූ මොහොතේදී එක්සත් ජාතික පක්ෂය වැනි පැරණි පක්ෂයක මෙතරම් උසස් තනතුරක් ලැබේ යැයි සිහිනෙන්වත් නොසිතූ බවයි.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post