අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.
ඒ අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
සිවිල් සංවිධාන ක‍්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශවය පෙනී සිටි නීතිඥවරු අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා දිනයක් නියම කරන මෙන් ඉල්ලා සිටියා.
පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ පසුගිය වසරේ අපේ‍්‍රල් මස කොළඹ පැවති රැුස්වීමක දී අදහස් පලකල වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදුන් නඩු තීන්දුව විවේචනය කරමින් අදහස් ප‍්‍රකාශ කර ඇති බවයි.
ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසාත්මක වියහැකි කරුණු ඉදිරිපත් කර ඇති බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.
අදාළ කරුණු පිළිබඳ විභාගයක් පවත්වා වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
Siyatha Top Story | 04:00 PM | Editor : Sithara Athukorala