News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
14

සනත් ජයසුරිය, මරාගෙන මැරෙන බෝම්බයකින් නූලෙන් බේරෙයි.

3202 Views


සනත් ජයසුරිය, මරාගෙන මැරෙන බෝම්බයකින් නූලෙන් බේරෙයි.

අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්‍රීඩක සනත් ජයසුරියගේ කාලේ නම් දැන් හොඳ නැහැ වගේ. සනත්ගේ ජීවිතේට පහුගිය ටිකේ ආවේ කරදර පිට කරදර විතරයි. හැබැයි කොන්ද කෙලින් තියාගෙන නම්බු පිටින් ඒවාට මුහුණ දුන්නා. ඒත නොහිතපු වෙලාවක සනත්ට ආයි කරදරයක් වෙන්න ගියා. පුරුවේ කරපු වාසනාවකට ඔහු බේරුනා.
ඊයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ළඟදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරවා ගත්තා. මේ නිසා පොලිස් නිලධාරියෙක් සහ පුද්ගලයන් තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා පස්දෙනෙක් තුවාල ලැබුවා. හිටපු තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරිය ඊයේ උදේ වරුවේ හිටියෙත් මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ.

බෝම්බ පිපිරීම වෙද්දී තමන්ගේ කටයුතු ඉවර වෙලා තිබුණු නිසා ඊයේ රෑම සනත් ජයසුරිය ඩුබායි ගුවන් තොටුපොළට ගියා. ඒ නිසා ඔහු බේරුනා. ජයසුරිය මේ හදිස්සියේම කාබුල් ගියේ ඇෆ්ගනිස්ථානයේ පැවැත්වෙන ප්‍රීමියර් ලීග් තරගාවලියේ කාබුල් ඊගල්ස් කණ්ඩායමේ අනුශාසක වරයා ලෙස කටයුතු කරන්න. ඔහුගේ කොන්ත්‍රාත් කාලය දින තුනක්.

පිපිරීම සිද්ධ වෙද්දී ක්‍රීඩාංගනයේ පැවැත්වුන ‘බූස්ට් ඩිෆෙන්ඩර්ස්’ සහ ‘මිස් අයිනාක් නයිට්ස්’ තරගයේ තීරකවරයා විදිහට කටයුතු කලෙත් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු වේග පන්දු යවන්නකු වූ ග්‍රැහැම් ලැබ්රෝයි මහතා. ඉකුත් සඳුදා ආරම්භ වූ මෙම විස්සයි-20 තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයෝ කිහිප දෙනෙකුත් ක්‍රීඩා කරනවා.

මරාගෙන මැරෙන බෝම්බකරු ක්‍රීඩාංගණය වෙත යද්දී ආරක්ෂකයන් ඔහුව පරික්ෂාවට ලක් කිරීම සඳහා ආරක්ෂක මුර පොළක් ලග නතරකරගෙන තියෙනවා. ඒ වෙලාවේදී මේ බෝම්බය පිපිරිලා තියෙන්නේ. මේ අනතුරෙන් පස්සේ ඇෆ්ගනිස්ථානයේ පොලිස් මාධ්‍ය ප්‍රාකාශක ඒ.එෆ්.පී. පුවත් සේවයට කියලා තිබුනේ ආරක්ෂක නිලධාරීන් තමන්ගේ ජීවිත පූජාකරමින් ක්‍රීඩාංගණය තුළ සිටි නරඹන්නන් ආරක්ෂා කළා කියලයි. එතැනදී තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් බවත් ඔහු කිවුවා.


News Articles
Latest Videos
Most Popular Post