රිය අනතුරකට ලක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා ඇතුලූ දෙදෙනෙකු මේ වනවිට හලාවත රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.
යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලැබුවේ අද අලූයමයි.
ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කැබ් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී තිබෙනවා.
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු මේ වනවිට ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala