ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.
එහි ලේකම් කමල් පිරිස් මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට තීරණය කළ බවයි.
තම ඉල්ලීම් සඳහා පසුගිය සදුදා දිනය වන විට විසදුම් ලබා දෙන බවට රජය පොරොන්දු වුවද මේ වන තෙක් ඒ සඳහා කටයුතු කර නොමැති බව ද දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.
මේඅතර ජල සම්පාදනවෘත්තීයසමිතිආරම්භ කල වැඩවර්ජනය අදදිනයේදීත් ක‍්‍රියාත්මකයි.
වැටුප්විෂමතා ගැටලූවක්මුල්කර ගනිමින්ඔවුන්එම වර්ජනය ආරම්භකලේ පසුගිය 3 වනදායි.
අධ්‍යාපනක්ෂේත‍්‍රයේ තුල ලබා දීමටනියමිත දේශපාලනපත්වීම්වලටඑරෙහිවවෘත්තීය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වනබව ලංකා ගුරු සේවාසංගමය ද පවසනවා.
Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala