කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ දී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00 න් පසු සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. එමගින් පොරොත්තු ලේඛනය අවම කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ.
ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසත්, පස්වරු 4.00 න් පසු සිදු කරන සැත්කම් සඳහා අවශ්‍ය නම් ගෙවීම් කිරීමට සුදානම් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහල්වල අක්මා බද්ධ සැත්කම් විශේෂඥ වෛද්‍යවරුන්ට දැනුම් දී තිබෙනවා.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ සැත්කම් 30 ක් පමණ සිදු කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ. අක්මා බද්ධ සැත්කම් නොමිලේ සිදු කරන ලෝකයේ එකම රට ශ‍්‍රී ලංකාව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන නව ගොඩනැගිල්ලේ පිහිටි දැඩි සත්කාර ඒකකය තුළ ද අක්මා බද්ධ සැත්කම් සිදු කිරිමට සැළසුම් කර තිබෙනවා. එම සැත්කම් සඳහා අවශ්‍ය අවයව ගුවනින් ප‍්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.
ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා ගුවන් හමුදාපතිවරයා සමඟ සාකච්ජාවක් ද පවත්වා තිබෙනවා.
Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala