ගොඩාක් කාලෙක පස්සේ ක්‍රිකට් බලන්න, දැන් පාකිස්තානයේ ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ලෝක ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට ආපු නිසා. පළවෙනිම තරඟය ප්‍රේක්ෂකයිගේ ජය ගෝෂා මැද්දේ පකිස්තානය දිනුවා. හැබැයි ඊයේ තිබුන දෙවන තරඟයේදී ලෝක කණ්ඩායම දිනුවා. ඒ තිසර පෙරේරාගේ පිතිහරඹය සහ පන්දුයැවීම හමුවේ. ඒ විදිහට දිනුවේ කඩුලු 7 කට. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ලෝක කණ්ඩායම කඩුලු 3 ක් දැවී පන්දුවක් ඉතිරිව තිබියදී එම ඉලක්කය සම්පුර්ණ කළා.
මේ ජයග්‍රහණයත් එක්ක තරඟ 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් විදිහට සම කරන්න ලෝක කණ්ඩායම පුළුවන් වුනා.
තරඟය දිනන්න අවසන් ඕවරයේදී ලකුණු 13 ක් රැස්කිරීමට සිද්ධ වෙලා තිබුනා. එත් ඒ ඕවරයේ 5 වැනි පන්දුවට තිසර පෙරේරා ගහපු හයේ පහරින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණය සනිටුහන් වුනා. පන්දු 19 කදී දැවැන්ත හයේ පහර 5 ක් සමඟින් වේගවත් ලකුණු 47 ක් රැස්කළ තිසර, තරගයේ වීරයා විදිහට සම්මානයක් ගත්තා. ඒ පන්දු යැවීමේදී කඩුලු දෙකක්ද දවාගැනීමෙන් පසුව.
ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පන්දු 55 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් ලෝක කණ්ඩායමේ ජයග්‍රහණයට උර දුන්නා. තිසර සහ අම්ලා එක්ව හතරවෙනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 69 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ලෝක කණ්ඩායම ජයග්‍රණයට ගෙන ගියා.
සොහේල් ඛාන්ගේ පන්දුවක් හමුවේ ලකුණු 31 ක් ලබා සිටියදී තිසර පෙරේරා දුන් පහසු උඩ පන්දුව ලෝන්ග් ඕන්හි පන්දු රකිමින් සිටි ෂොයිබ් මලික් අතින් ගිළිහීයාම නිසා තරඟයේ තීරණාත්මක සිදුවීමක් වුනා.
ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 23 ක් රැස්කරමින්ද, නායක ෆෆ් ඩුප්ලෙසි පන්දු 14 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කරමින්ද ලෝක කණ්ඩායමේ ජයග්‍රහණයට දායකත්වය සැපයුවා.
මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන් අහමඞ් ශේෂාඞ් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළා. ෆකාර් සමාන් (21) සමඟ එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 41 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශේෂාඞ්, එකෙන් නවතින්නේ නැතුව බාබර් අසාම් (45) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43 කදී 59 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් වුනා.
පන්දු 38 කදී වාර්තා වූ බාබර් අසාම්ගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 13 කදී වාර්තා වූ ෆකාර් සමාන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් අතුළත් වුනා. පාකිස්තාන ඉනිමේ අවසන් කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ ෂොයිබ් මලික් පන්දු 23 කදී ලකුණු 39 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින්.
පාකිස්තාන ඉනිමේ 19 වැනි ඕවරය යැවූ තිසර පෙරේරා එහි හතරවැනි සහ අවසන් පන්දු වලදී ඉමාඞ් වසීම් (15) සහ නායක සෆ්රාස් අහමඞ් (00) දවාගැනීමට සමත් වුනා.
පාකිස්තාන කණ්ඩායම – ඕවර 20 කදී කඩුලු 6 කට 174
(ෆකාර් සමාන් 21, අහමඞ් ශේෂාඞ් 43, බාබර් අසාම් 45, ෂොයිබ් මලික් 39, ඉම්ඩාඞ් වසීම් 15, තිසර පෙරේරා 23/2, සැමුවෙල් බද්රි 31/2)
ලෝක කණ්ඩායම – ඕවර 19.5 කදී කඩුලු 3 කට 175
(ටමීම් ඉක්බාල් 23, හෂීම් අම්ලා නොදැවී 72, ෆෆ් ඩුප්ලෙසි 20, තිසර පෙරේරා නොදැවී 47)
https://www.youtube.com/watch?v=sjOkbMhHDcc