දිවයිනේ දිස්ති‍්‍රක්ක 12 කට අද දිනයේදීත් තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මන්නාරම, මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට එලෙස තද සුලං ඇතිවිය හැකි බවයි. ඒ අනුව එම දිස්ත‍්‍රික්ක වල සුළං වේගය පැයට කිලෝමීටර 50ක් පමණ වන අගයක් දක්වා ඉහල යා හැකි බව ඔහු සඳහන් කලා.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe