කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. කලවාන ප‍්‍රදේශයට බලපෑ වර්ෂාව හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ වාන් දොරටු විවෘත කල බවයි කළුතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ. තත්පරයට ජලය ඝන මීටර් 45 ක් ඉන් මුදා හැරෙනවා. පහළ ජල ධාරා ප‍්‍රදේශ වල ජීවත් ජනතාව ඒ පිලිබදව අවදානයෙන් පසු විය යුතුයි.
මේ අතර බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත් මෙන්ම කලූතර, ගාල්ල හා මාතර දිස්ත‍්‍රික්ක වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ දිවයිනේ දිස්ති‍්‍රක්ක 12 කට තද සුලං අපේක්ෂා කරන බවයි.
මන්නාරම, මුලතිව්, වව්නියාව, මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවලට එලෙස තද සුලං බලාපොරොත්තු වනවා.
Siyatha FM Top Story | 08:00 AM | Editor : Nayomi Karunasinghe