ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අද සහ හෙට යන මෙය ක‍්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කලේ.
ඩෙංගු ව්‍යාප්තිය බහුල දිස්ත‍්‍රික්ක කිහිපයක් ඉලක්ක කරගනිමින් මෙම මදුරු මර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වනවා. මේ යටතේ මදුරුවන් බෝ වන අධි අවදානම් ප‍්‍රදේශ පවිත‍්‍ර කිරීම වැනි කටයුතු සිදු කිරීමට නියමිතයි. පාසල් වැඩ බිම් ආගමික ස්ථාන මදුරුවන් බෝ වන අධි අවදානම් ස්ථාන ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
මේ වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 20,792 ක්. ජුනි මාසයේ ගත වු දින 06 තුළ පමණක් රෝගීන් 187 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් දක්නට ලැබෙන්නේ කොළඹ, ගම්පහ, කලූතර, මහනුවර, යාපනය, මඩකලපු,ව පුත්තලම වැනි ප‍්‍රදේශ දිස්ත‍්‍රික්ක වලින්
කඩින් කඩ ඇති වන වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ. ඒ අනුව ඩෙංගු පාලනය සඳහා සිය අවට වට පිටාව පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් සිටිනවා.
Siyatha FM Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe