බිමත්ව රිය පදවා අනතුරක් සිදුකර පළා ගිය බස් රථ රියදුරෙකුට අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාස තුනක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
පසුගිය මස 24 වනදා පිටකොටුවේ සිට කොට්ටාව බලා ධාවනය වූ මෙම බස් රථය නන්දා මෝටර්ස් හන්දිය ප‍්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක් සිදුවූ බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සිදු කල බස් රථ රියදුරු බස් රථය නොනවත්වා ධාවනය කර තිබුණා. පසුව අදාළ බස් රථය ලූහුබැඳ ගොස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිළධාරීන් විසින්. ඔහු බීමත්ව සිට ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව 28 හැවිරිදි සැකකරුට අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රුපියල් 30,000ක දඩයක් සමඟ මාස තුනක අනිවාර්ය සිර දඬුවම් ලබාදී රියදුරු බලපත‍්‍රය ද අවලංගු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 03ක සිර දඩුවම් ලබාදීමට ද අධිකරණය නියෝග කලා.
Siyatha FM Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe