පොලිස් නිළධාරීන්ට අල්ලස් මුදල් ලබා දීමට උත්සාහ කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අල්ලස් මුදල් ලබා දීමට තැත් කර තිබුනේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහායි.
හලාවත පොලීසියේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ සිදු කල වැටලීමකදී හෙරොයින් ග‍්‍රෑම් 03 යි මිලි ග‍්‍රෑම් 500 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 38 හා 51 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයින් දෙදෙනෙක්.
ඔවුන් නිදහස් කරන්නැයි පවසමින් පොලීසියට පැමිණි පුද්ගලයෙකු විසින් රුපියල් 50,000 ක මුදලක් පොලිස් නිළධාරීන්ට ලබා දීමට උත්සාහ කර තිබුණා. එහිදීයී අදාළ මුදල සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ
අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Siyatha FM Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe