තමන්ට හොදටම ගැලපෙන් සහකාරයෙක් තෝරා ගන්න ගොඩක් ගැහැණු ළමයි හීන දකිනවා. ඒ වගේම අනාගතයේ තමන්ගේ ස්වාමිපුරුෂයා වෙන කෙනාගේ ගති ලක්ෂණ දැන ගන්න ගොඩක් ගැහැණු ළමයි කැමති. ඒ නිසා අපි හිතුව තමන්ගේ ජන්ම අංකය අනුව අනාගත සහකරුවාගේ ගතිගුණ මොන වගේද කියලා කියන්න. කලින් තමන්ගේ ජන්ම අංකය දැනගෙන එපැයි. මේ තියෙන්නෙ ජන්ම අංකය හොයා ගන්න විදිය.
ඔබේ උපන් දිනය 1897.04.17 කියලා හිතන්න
1+8+9+7+4+1+7 = 37
3+7 = 10
1+0 = 1
ඔබේ ජන්ම අංකය 1
මේ තියෙන්නේ ඔබේ ජන්ම අංකය අනුව ඔබට ලැබෙන සහකරුවාගේ ගතිගුණ
ජන්ම අංකය 01 නම්..
ඔබේ අනාගත සැමියාට කැපී පෙනෙන පෞර්ෂයක් තියෙනවා.හැබැයි අඩුපාඩු හොයන ගතිය වැඩියි. චංචල සිතක් තියෙන්නෙ. බිරිඳ තමන්ගේ වැඩ කරලා දෙනකන් බලාගෙන ඉන්නවා. ඒ වුනාට දරුවන්ට ගොඩක් ආදරෙයි. හොද ඉවසිමකුත් තියෙනවා.
ජන්ම අංකය 02 නම්..
කාරුණික සහකරුවෙක් ඔබට ලැබෙනවා. ඒ වගේම ගොඩක් සංවේදී. ගෙදර දොර වැඩ වලදී බිරිදට මුල් තැන දෙනවා. සෙම් රෝග වැඩියි.
ජන්ම අංකය 03 නම්..
බුද්ධිමත්, අවංක අයෙක් ඔබේ අනාගත සහකරුවා වේවි. කලාත්මක හැකියාවක් තියෙනවා. කලට වෙලාවට වැඩ කරන අයෙක්. ඒ වගේම හොද ආර්ථිකයක් හදගාන්නවා. අනිත් අයටත් ගොඩක් උදව් කරනවා.
ජන්ම අංකය 04 නම්..
ඔබේ අනාගත සැමියා දක්ෂ බුද්ධිමත් කෙනෙක්. බිරිඳ සමග සුහදව අදහස් හුවමාරු කර ගන්නවා. ප්‍රේමාන්විත, කාරුණික කෙනෙක් වේවි ඔහු. හැබැයි අඩුපාඩු හොයන ගතිය වැඩියි. විවේචනය කරන ගතියත වගේම මිතුරු ඇසුරත් වැඩියි.
ජන්ම අංකය 05 නම්..
ඔබේ ජන්ම අංකයට හිමි සහකරු බිරිඳ පිළිවෙලට වගේම හැඩරුවට ඉන්නවට කැමතියි. එඩිතර පෙනුමක් තියෙනවා. බිරිදටත් දරුවන්ටත් හොදින් ආදරය කරනවා.
ජන්ම අංකය 06 නම්..
ඔබේ අනාගත සහකරු ඔබ පිළිවෙලට, පිරිසිදුවට සහ හදට ඉන්නවට කැමති. බිරිදටත් දරුවන්ටත් ගොඩක් ආදරෙයි. කාරුණික, ගෞරවාන්විත කෙනෙක්. සෞන්දර්යට ගොඩක් කැමති.
ජන්ම අංකය 07 නම්..
ටිකක් දුර බැහැර කෙනෙක් තමයි ඔබට සහකරු විදියට ලැබෙන්නෙ. ඔබගේ හැගීම් හොදින් වටහා ගන්න පුළුවන් කමක් ඔහුට තියෙනවා. විනෝදයට කැමතියි. චිත්‍රපටි, ටෙලිනාට්‍ය බලන්න ආසයි. පවුලේ ප්‍රශ්න විවේචනාත්මකව හොයා බලනවා.
ජන්ම අංකය 08 නම්..
ඔබේ අනාගත සැමියා ඔබ මෝස්‌තර, විලාසිතා කරනවට නම් කැමති නෑ. හුදකලාව ඉන්න තමයි ගොඩක් කැමති.
ජන්ම අංකය 09 නම්..
ඔබට ලැබෙන සහකරුවා ඔබ ලස්සනට ඉන්නවට කැමතියි. බිරිඳට සහ දරුවන්ට ඉන්න හොද ගෙයක් හදනවා. කේන්ති යන ගතිය වැඩියි. බිරිඳ ගැන සැකයෙන් බලනවා. බිරිඳගේ අදහස් වලට ඉහළින් යන්න බලනවා.
අපි කලින් පළකරපු ජන්ම අංකයෙන් ඔබේ සහකාරියගේ ගතිගුණ හොයා ගන්න විදිය තමයි මේ තියෙන්නෙ.