News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක්.

897 Views


ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක්.

කල්පිටිය ප‍්‍රදේශයේ ජනතාව නොරොච්චෝල ලක් විජය විදුලිබලාගාරය ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ කල්පිටිය ප‍්‍රදේශයට විදුලි සැපයුම ඇණහිටීමට විරෝධය පල කරමින්.

ඒ අනුව නොරොච්චෝල විදුලිබලාගාරයේ සේවක පිරිසක් රැගත් බස් රථයකට බලාගාරයට ඇතුලූ වීමට ඉඩ නොදී මාර්ගය අවහිර කරමින් එම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් බලාගාරයේ දෛනික කටයුතු අඩාල වී තිබෙනවා.

අදාළ ස්ථානයට කල්පිටිය සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි අතර උද්ඝෝෂණකයන් දහ දෙනෙකු හා විදුලිබල මණ්ඩල සේවකයන් අතර සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ.

නමුත් උද්ඝෝෂකයන් සදහන් කලේ විදුලි බල මණ්ඩලය අත්තනෝමතික ලෙස විදුලිය කප්පාදු කරමින් සිදු කරන ක‍්‍රියාව නැවැත්විය යුතු බවයි. අදාළ විදුලි කප්පාදුව නවත්වන බවට බලධාරීන්ගෙන් පොරොන්දුවක් ලබා දෙන තුරු උද්ඝෝෂණයේ නිරත වන බව ද ඔවුන් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post