News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

නිරිත දිග මෝසම යළිත් සක්‍රීය වෙයි.

590 Views


නිරිත දිග මෝසම යළිත් සක්‍රීය වෙයි.

ඉදිරි දින කිහිපයේ දී දිවයිනට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිරිත දිග මෝසම සක‍්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඔ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින අභ්‍යන්තරයේ හා දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශයේ තද සුළං ඇති විය හැකියි.

ඊයේ ඇද හැදුනු අධික වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක ඉහළ ගිය ජල මට්ටම් ක‍්‍රමිකව අඩු වෙමින් පවතිනවා. නමුත් කළු ගගේ ජල මට්ටම රත්නපුර හා මිල්ලකන්ද ප‍්‍රදේශ වලින් තරමක වැඩි වීමක් පෙන්නුම් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කලේ.

දිස්ත‍්‍රික්ක 04 ක් සදහා නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කර තිබෙනවා. රත්නපුර කෑගල්ල නුවරඑළිය හා මහනුවර එම දිස්ත‍්‍රික්කයි


News Articles
Latest Videos
Most Popular Post