News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

කිලිනොච්චියේ ඉඩමකින් ආයුධ තොගයක් මතු වෙයි. – Photo

943 Views


කිලිනොච්චියේ ඉඩමකින් ආයුධ තොගයක් මතු වෙයි. – Photo

කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප‍්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ තිබී එල් ටී ටී ඊ සංවිධානය භාවිතා කළ බවට සැක කරන ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින්.

ප‍්‍රදේශයේ ගවයින් බැලීමට ගිය පිරිසක් එය මුලින් දැක තිබූ පසුව ඔවුන් විසින් මේ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණා. එල් ටී ටී ඊ සංවිධානය විසින් භාවිතයට ගත් බවට සැක කරන ලද ටී.56. පතුරම් 35,000ක් , අත් බෝම්බ 184ක්, ක්ලේමෝ බොම්බ 05ක් ,අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 04ක්, ඇතුලූ පුපුරන ද්‍රව්‍ය ඒ අතර තිබූ බවයි වාර්තා වන්නේ.

අදාල ආයුධ තොගය දැඩි ලෙස අබලන් වී තිබූ අතර අධිකරණ නියෝගයකින් එම ආයුධ තොගය විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post