දකුණු පලාත තුල පැතිර යන වෛරස් උණ රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම වෛරස් උණ රෝගය ඉන්ෆ්ලූවන්සා ලෙස හඳුනාගෙන ඇති අතර සාමාන්‍ය සෙම්ප‍්‍රතිශ්‍යාව සහ උණ මෙහි මූලික රෝග ලක්ෂණ වනවා.
මෙම තත්වය තුළ නිසි දැනුවත්භාවය සහ වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබීම රෝගය ව්‍යාප්ත වීමට බලපා ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව පාසල් ප‍්‍රජාව මෙම රෝගී තත්වයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කර ඇති අතර රෝග ලක්ෂණ හා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා අවශ්‍ය කරුණු පිළිපදින ලෙසයි දැනුම් දෙන්නේ.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් පරිශ‍්‍රය දරුවන්ට සුරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala