News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

දිවයින පුරා අද පස්වරු 4.00 සිට අඛණ්ඩ තැපැල් වැඩ වර්ජනයක්

512 Views


දිවයින පුරා අද පස්වරු 4.00 සිට අඛණ්ඩ තැපැල් වැඩ වර්ජනයක්

දිවයින පුරා අද පස්වරු 4.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භකිරීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ 25,000කට ආසන්න තැපැල් සේවකයින් මුහුණ දී සිටින ගැටලූ‍ මුල් කරගනිමින් එම පියවර ගත් බවයි.

මෙම අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 654ක, උපතැපැල් කාර්යාල 3 410 ක සහ පාලන කාර්යාල 100 කට අධික ප‍්‍රමාණයක කටයුතු අඩපණ වීමට තිබෙන බවයි එම වෘත්තීය සමිති පෙරමුණ පෙන්වා දෙන්නේ.

තම ගැටලූ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡුා කරනු ලැබුවද නිසි විසදුමක් නොලැබුණු බව තැපැල් සේවකයින් පවසනවා.

මේ අතර නව විදුලි ජනන සැලසුම අනුමත වී පිළිගත හැකි විසදුමක් අද දිනය තුළ ලබාදීමට කටයුතු නොකළහොත් වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය තවත් දැඩි කිරිමට පියවර ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සදහන් කළේ.

සවස 04.15 න් පසු සහ සති අන්ත දිනවලදි රාජකාරිවලින් බැහැරව සිටිමට පසුගියදා තීරණය කළ ද එය මේ දක්වාත් ක‍්‍රියාත්මක නොකළ බව ඔවුන් පවසනවා.

කෙසේවෙතත් අද දිනය තුළ සාධාරණ විසදුමක් ලබාදීමට බලධාරින් පියවර ගත යුතු බව විදුලි ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටියා.

SIYATHA LUNCH TIME NEWS | 12:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post