News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

ධීවරයින් විසින් සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කරයි

574 Views


ධීවරයින් විසින් සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කරයි

ඉන්ධන මිළ ඉහළ දැමීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ධීවරයින් විසින් පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරය අත්හිටුවීමට තීරණය කළ බව ධීවර සමිති නියෝජිතයින් පවසනවා.

ඊයේ පෙරවරුවේ හලාවත – කල්පිටිය සහ වෙන්නප්පුව ප‍්‍රදේශවල ධීවරයින් මහා මාර්ගයට බැස හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබුණා.

නමුත් භූමිතෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බව ධීවර රාජ්‍ය ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කිරීමත් සමග හර්තාල් ව්‍යාපාරය අත්හිටුවීමට ධීවරයින් පියවර ගනු ලැබුවා.

මේ අතර සමස්ථ ලංකා බහු දින යාත‍්‍රා හිමියන්ගේ සංගමය පවසන්නේ භූමිතෙල් මිළ පහල දැමීමෙන් පමණක් ධීවරයින්ට සහන ලබා දිය නොහැකි බවයි.

බහු දින යාත‍්‍රා වලට යොදා ගන්නා ඞීසල් සඳහා ද සහනයක් අවශ්‍ය බවත් ලබන මස 05 වැනිදා වන විට සහනදායි පිළිතුරක් නොලැබුනහොත් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එම සංගමය ප‍්‍රකාශ කළා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post