News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ලබන මස සිට අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට

767 Views


ලබන මස සිට අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට

ලබන මස සිට අන්තර්ජාතික ප‍්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය සදහන් කලේ සුපිරි ඩිසල් හා ඔක්ටේන් 95 පෙට‍්‍රල් වෙනුවට යුරෝ 4 නමින් මෙම නව ඉන්ධන විශේෂය හදුන්වා දෙන බවයි. එය පරිසර හිතකාමි ඉන්ධන විශේෂයක් බව එම අමාත්‍යංශය ප‍්‍රකාශ කලා

ඒ අනුව නව තෙල් විශේෂය රැුගත් මෙට්‍්‍රික් ටොන් 15,000 ක නෞකාවක් ලබන මාසයේ මෙරටට ළඟාවීමට නියමිතයි. දැනට මෙරට භාවිත කරන ඉන්ධන මගින් පරිසරයට හානි කරන වායුන් පිට වන අතර ඒ හේතුවෙන් මෙම පරිසර හිතකාමී ඉන්ධන වර්ගය භාවිතා කරන ලෙස යුරෝපා කොමිසම විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදීි පාරිභෝගිකයන්ට සියලූ‍ වාහන සඳහා යුරෝ 4 නව ඉන්ධන වර්ගය භාවිතා කල හැකියි. මේ පිලිබදව සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී ඒකාබද්ධ ඛණ්ජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඞී ජේ රාජකරුණා මහතා කියා සිටියේ මෙම නව ඉන්ධන වර්ගය දැනට භාවිතා වන ඉන්ධන වලට වඩා ඉහල මිල මට්ටමක පවතින බවයි.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සදහන් කලේ නව ඉන්ධන වර්ගය ගෙන්වීමත් සමග දැනට වෙළෙඳපොළේ භාවිත කරන ඉන්ධන වර්ග නතර කිරීමක් සිදු නොවන බවයි. මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල රුපියල් 70 ක් දක්වා පහල දමා තිබෙනවා.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post