News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය යථා තත්වයට

1678 Views


අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය යථා තත්වයට

අඹේපුස්ස දුම්රිය ස්ථානය අසලදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. කෙසේ වෙතත් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සුලූ ප‍්‍රමාදයකින් යුතුව සිදුවනු ඇති

පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අඹේපුස්ස සහ අලව්ව අතරදී කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබුණේ අද පෙරවරුවේ සිටයි.

මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියක් බලන දුම්රිය ස්ථානය අසලදී අද උදෑසන පීලි පැනීමකට ලක්වුණා.

ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබූ අතර මේ වනවිට එය යථා තත්වයට පත් කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post