News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
16

කොචිකඩේ මුහුදේදී අතුරුදහන් වූ සිසුවෙක්ගේ මළසිරුරක් හමුවෙයි.

656 Views


කොචිකඩේ මුහුදේදී අතුරුදහන් වූ සිසුවෙක්ගේ මළසිරුරක් හමුවෙයි.

කොච්චිකඬේ ඒත්තුකාල පොරතොට මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් නාවික හමුදාව විසින් අද අලූයම සොයාගෙන තිබෙනවා. ඒ ඔවුන් දිය නෑමට ගිය ප‍්‍රදේශයේ සිට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි කම්මල්තොට මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදීයි.

එලෙස ගොඩ ගසා ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් වන අතර ඔහු ඊයේ දිනයේදී තවත් සිසුන් සිව් දෙනෙකු සමග මුහුදේ දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී සිසුන් සිව්දෙනා සැඩ පහරට හසුව ඇති අතර ඉන් සිසුන් දෙදෙනෙකු ප‍්‍රදේශවාසීන් බේරාගෙන තිබෙනවා. දලූවකොටුව ප‍්‍රදේශයේ පදිංචි ඔවුන් කොච්චිකඬේ ප‍්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින්. අතුරුදන් වූ අනෙක් සිසුවා සොයා නාවික හමුදාව විසින් තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

මේ අතර රාගම, ගල්වල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා. පුද්ගලයින් තිදෙනෙකු එක්ව අතහැර දමන ලද ගල් වලක දියනෑමට ගොස් ඇති අතර එහිදී එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ නුගේගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙක්.

රාගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post