News Line| Off Air| Games
Generic placeholder image

Jun
17

සිංහරාජයේ වන අලි ඇල්ලීමේ මෙහෙයුම් නතර කෙරේ.

546 Views


සිංහරාජයේ වන අලි ඇල්ලීමේ මෙහෙයුම් නතර කෙරේ.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කර තිබෙනවා. දකුණු හා ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ප‍්‍රශාන්න විමලදාස මහතා ප‍්‍රකාශ කළේ, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තමන්ට ඒ සඳහා උපදෙස් ලැබුණු බවයි.

වන අලි දෙදෙනා ගම් වැදීම වළක්වා, ඒ අවට ගම්මානවල වැසියන්ට සිදුවන පීඩාවන් වැළැක්වීම සදහා කි‍්‍රයාමාර්ග ගැනීමට වනජීවී නිලධාරීන් තවදුරටත් වනඅලි උවදුර පවතින ගම්මාන අවට රදවා තිබෙනවා. අවධානම් රාජකාරීවලින් ඉවත් වී සිටි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්ද එම වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හැර වන අලි සෙවීමේ මෙහෙයුම් සදහා ඊයේ එක්ව සිටියා.

වන අලි දෙදෙනා ගැවසෙන සයිප‍්‍රස්වත්ත ප‍්‍රදේශයට ඊයේ පස්වරුවේ පශු වෛද්‍යවරයෙකු ගොස් එම ප‍්‍රදේශයේ අධීක්ෂණ කටයුතුවල නිරත වුණේ එහිදී අලින් නිර්වින්දනය කිරීම සඳහා සුදුසු ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහායි.


News Articles
Latest Videos
Most Popular Post