News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික බස් රථ හිමියන්ගේ වර්ජනයක්…

676 Views


මාර්ග අංක 100  සහ 101 පෞද්ගලික බස් රථ හිමියන්ගේ වර්ජනයක්…

මාර්ග අංක 100 පානදුර පිටකොටුව සහ 101 මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ හිමියන් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතම්පළවල සිටින මගීන් නංවා ගැනීමට විරෝධය පළ කරමින්.

මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට දින 08ක් ගත වුව ද රජය ඒ සම්බන්ධයෙන් පැහැදිලි ලෙස මැදිහත්වී නොවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි තැපැල් හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට තැපැල් අමාත්‍යවරයා විසින් අද පස්වරු 03 ට සාකච්ඡාවක් ද ලබා දී තිබෙනවා.

බඳවා ගැනීම් ගැටලූවක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙම වර්ජනයට අවතීර්ණ වුනේ පසුගිය 11 වනදායි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post