News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

මධ්‍යම තැපැල් අධිකාරිය ඉදිරිපිට තැපැල් වෘත්තිකයන්ගේ වර්ජනයක්

636 Views


මධ්‍යම තැපැල් අධිකාරිය ඉදිරිපිට තැපැල් වෘත්තිකයන්ගේ වර්ජනයක්

තැපැල් වෘත්තිකයන්ගේ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් අධිකාරිය ඉදිරිපිට ඩි.අර් විජේවර්ධන මාවතේ මරදාන දෙසට දිවෙන මාර්ගයේ එක් මංතීරවක රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.

අද වාර්තාකරු සඳහන් කළේ සේවකයින් විශාල පිරිසක් මරදාන හරහා ජනාධිපති කාර්යාලයට ගමන් කරමින් සිටින බවයි. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා.

තැපැල් වෘත්තිකයන් ආරම්භ කළ වර්ජනය අද කි‍්‍රයාත්මක වන්නේ 08 වන දිනටයි. එහෙත් රජය ඒ සම්බන්ධයෙන් පැහැදිලි ලෙස මැදිහත්වී නොමැති බවයි තැපැල් හා විදුලි සංදේශ නිළධාරින්ගේ සංගමය පවසන්නේ. මේ හේතුවෙන් තැපැල් සේවකයින් අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් ද සංවිධාන කර තිබෙනවා

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post