News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

620 Views


අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

ප‍්‍රබල අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා අද බොරැුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය මගින්

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඔහුට එරෙහිව ඝාතන සිද්ධීන් සම්බන්ධ චොදනාද පවතින බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අතුරුගිරිය ප‍්‍රදේශයෙදී රූපලාවන්‍යාගාර ශිල්පිණියක් ඝාතනය කිරීම සහ මාළඹේ ඇවිදින මං තීරුවේදී පොලී රොෂාන් නැමැත්තකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරු ලෙස හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලා.

ඒ අනුව සැකකරු විසින් වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවියද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කලේ. අත්අඩංගුව ගත් සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post