පරිසර හානි සිදු කරමින් බලපත‍්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු බගවන්තලාව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව පොලීසිය මෙම මෙහෙයුම සිදු කලේ අද අලූයමයි.
කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට යාබද තේ වත්තේ සැකකරුවන් විසින් මැණික් ඉල්ලම් හාරමින් සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව අද අලූයම සිදු කල හදිසි වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු පලා ගිය බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබු මැණික් ඉල්ලම් සහිත උර 55 ක් අත්අංගුවට ගෙන තිබෙනවා.
මෙම මැණික් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe