News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

කිරි වෙහෙර හිමිට වෙඩි තැබූ සැකකරුවන් 07 දෙනා ලබන මස 4 වනදා දක්වා යලි රිමාන්ඩ්

691 Views


කිරි වෙහෙර හිමිට වෙඩි තැබූ සැකකරුවන් 07 දෙනා ලබන මස 4 වනදා දක්වා යලි රිමාන්ඩ්

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන මස 4 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන්ගෙන් දෙදෙනෙකු 24 හැවිරිදි නිවුන් සහෝදරයන් වන අතර තවත් දෙදෙනෙකු 18 වියේ පසුවන තරුණයන්.

සිද්ධියට අදාල ප‍්‍රධාන සැකකරු කතරගම දේවාල භූමියේ පිහිටි මහසෙන් දේවාලයේ හිටපු කපුවා වන බෝපගෙදර අසේල ලක්මාල් බණ්ඩාර නැමැත්තායි.

විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම ඔහු විසින් ලබා දුන් රුපියල් ලක්ෂ 30 ක කොන්ත‍්‍රාත්තුවක් මත සිදු කර ඇති බව ද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

විහාරාධිපති හිමියන් සහ අදාල හිටපු කපුවා අතර කලක පටන් පැවති විරසකවීමක් මුල් කර ගනිමින් වෙඩි තැබීම සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

කතරගම පූජා භූමියේ සිදුවූ වෙඩි තැබීමකින් කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති නාහිමියන් සහ තවත් හිමි නමක් තුවාල ලැබුවේ පසුගිය 12වනදා රාති‍්‍රයේදීයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post