News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමඟ කටයුතු කිරීමට හිටපු ජනාධිපතිවරයාගේ සූදානමක්

302 Views


ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමඟ කටයුතු කිරීමට හිටපු ජනාධිපතිවරයාගේ සූදානමක්

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සමඟ ගැටලූවකින් තොරව ඉදිරියේදී කටයුතු කල හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති ආගමික උත්සවයකින් පසු මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.

මේ අතර එළඹෙන නොවැම්බර් මස පළමු වනදා මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් ප්කෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිල සාමාජිකත්වය ලබා ගන්නා බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා සිදු කල ප‍්‍රකාශය පිළිබඳවද මාධ්‍යවේදීන් එහිදී ප‍්‍රශ්න කලා.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post