News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට සූදානමක්

567 Views


තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට සූදානමක්

තැපැල් බෙදා හැරීමේ කටයුතු සඳහා අවශ්‍ය වුවහොත් පොලිසියේ සහය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව තැපැල් අමාත්‍ය එච් එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ මේ වන විට පොලීසියේ ඒ සම්බන්ධයෙන් ඉලලීමක්ද සිදුකර ඇති බවයි.

තැපැල් වර්ජනයක් සමග බෙදාහැරීමේ කටයුතු සියල්ල ඇණ හිටී ඇති බැවින් එම පියවර ගන්නා බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කලා.

මේ අතර වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති සිය ගැටලූ පෙන්වා දීම සදහා මේ වන විට දේශපාලන පක්ෂ නියෝජිතයින් හමු වෙමින් සිටිනවා. එම වෘත්තීය සමිති පවසන්නේ සිය ගැටලූ වලට විසදුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ගෙන යන බවයි.

මේ අතර විශ්ව තැපැල් සංගමයේ සාමාජික රටවල් බොහොමයන් ශ‍්‍රී ලංකා තැපැල් සේවාව හරහා ලිපි හා පාර්සල් මෙරටට එවීම නවත්වා ඇති බව වාර්තා වනවා. ඒ තැපැල් වර්ජනය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට ලිපි හා පාර්සල් යැවීමේ දී ශ‍්‍රී ලංකා තැපැල් සේවාව හරහා නොයවන්නැයි විශ්ව තැපැල් සංගමය එහි සාමාජික රටවල්වලට කල දැනුම් දීමක් සැලකිල්ලට ගනිමින්.

බඳවා ගැනීම් ගැටලූවක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ 11 වන දිනටයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post