News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

කෝටි 03 ක රත‍්‍රං සමග ආගමන විගමන නිලධාරියෙකු අත්අඩංගුවට

646 Views


කෝටි 03 ක රත‍්‍රං සමග ආගමන විගමන නිලධාරියෙකු අත්අඩංගුවට

රත‍්‍රං බිස්කට් 60 ක තොගයක් සමඟ ආගමන විගමන නිලධාරියෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත‍්‍රී 11.30ට පමණ කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පරිශ‍්‍රයේදි මෙම ආගමන විගමන නිලධාරියා අත්අඩංගුවට ගත්බවයි රේගුව පවසන්නේ. සැකකරු 50 හැවිරිදි ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙක්.

ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් රත‍්‍රං තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට ලක්ෂයකට අධිකයි. විදෙස් රටක සිට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම රත‍්‍රං තොගය අදාළ ආගමන විගමන නිලධාරීයාට ලබාදෙන්නට ඇති බවටයි සැක පල කරන්නේ. සැකකරු තවදුරටත් රදවාගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කරන බව රේගුව සදහන් කළා.

Siyatha Top Story | 08:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post