News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

මාතර න් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම්.

787 Views


මාතර න් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම්.

මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයට සම්බන්ධ පළාගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා තවදුරටත් පොලිස් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරකගේ මව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළා.

ඇය අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් පැමිණි යතුරුපැදියක ලියාපදිංචි හිමිකාරිය වීම හේතුවෙන්. අත්අඩංගුවට ගෙන ඇති කොස්ගොඩ තාරක ඇතුලූ අනෙක් සැකකරුවන් තුන්දෙනා ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මේ අතර කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මිය ගිය පොලිස් කොස්තාපල්වරයගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු වනවා. මිය ගිය සුරංග ප‍්‍රදීප් නම් 33 හැවිරිදි පොලිස් කොස්තාල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කිරිමටයි පියවර ගෙන ඇත්තේ. මාතර රන් භාණ්ඩ අලෙවි සැල මංකොල්ලයේදී සැකකරුවන් එල්ල කල වෙඩි ප‍්‍රහාර වලට ප‍්‍රතිප‍්‍රහාර ලෙස පොලීසියද වෙඩි තබා තිබුණා.

එහිදී සැකකරුවන් තුන් දෙනෙකු තුවාල ලැබු අතර ප‍්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුනු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි ගාල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේ. වෙඩි තැබීමේදී අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමති ප‍්‍රධාන සැකකරු පොලිසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් ඊයේ ජීවිතක්ෂයට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post