ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ යානයක් තුළදී පාකිස්ථාන ජාතික කාන්තාවක් මියයාම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස මිවගොස් ඇත්තේ සිංගප්පූරුවේ සිට ශ‍්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ‍්‍රී ලංකන් ගුවන සේවයේ ඹඛ 306 ගුවන් යානයේ ගමන් කළ පාකිස්තාන ජාතික කාන්තාවක්. මියගොස් ඇත්තේ 86 හැවිරිදි නීසා ඇලිමුන් නම් කාන්තාවක් බවට හදුනාගෙන තිබෙනවා.
ඇයගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ මීගමුව මහ රෝහලේයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදුකිරීමට නියමිතයි.