News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ට පොලිස් ආරක්ෂාව

1035 Views


පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ට පොලිස් ආරක්ෂාව

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිළධාරින් 2 598 දෙනෙකු යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප‍්‍රදේශ අවරණය වන පරිදි ලබන 29 වනදා දක්වා අදාළ පොලිස් නිළධාරීන් රාජකාරියේ යොදා ඇති බවයි. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළධාරීන් ද ඒ අතර වනවා පොලිස් නිළ සුනඛයින් ද ආරක්ෂක කටයුතු සදහා යොදවා ඇති බවයි පොලිස් මාද්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ.

එමෙන්ම අනුරාධපුරයට පිවිසෙන සියලූ ප‍්‍රධාන මාර්ග වල පොලිස් මාර්ග බාධක යොදවා තිබෙනවා. මධ්‍යසාර ගෙන ඒමෙන් වළකින් ලෙසයි වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පොලීසිය දැනුම් දෙන්නේ.

පුරා වස්තුන් වලට හානි නොකරන ලෙසත් පුදබිම් පවිත‍්‍රතාව කෙරෙහි සැළකිලිමත් වන ලෙසත් බැතිමතුන්ට දැනුම් දි සිටිනවා.

ජලාශ වලින් දිය නෑමේදී නම් කර ඇති ස්ථාන වලින් පමණක් ස්නානය කල යුතුයි.  පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරීන් 250 ක් අනුරාධපුරය අවට ජලාශ වල රාජකාරී කටයුතු සදහා යොදවා තිබෙනවා.

එමෙන්ම නාවික හමුදාවේ හා වෙනත් ඒකක වල ජීවිතාකරක්ෂක නිළධාරීන් 200 දෙනෙකුද යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කලේ.

Siyatha Top Story | 04:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post