News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

පරාක‍්‍රම සමුද්‍රය අවට කැළිකසළ ගැටලූව කඩිනමින් විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස්

1188 Views


පරාක‍්‍රම සමුද්‍රය අවට කැළිකසළ ගැටලූව කඩිනමින් විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස්

පරාක‍්‍රම සමුද්‍රය අවට පවතින කැළිකසළ ගැටලූව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ පරාක‍්‍රම සමුද්‍රය අවට පරිශ‍්‍රයේ අද උදෑසන ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර දීයි.

එහිදී සිදුව ඇති පරිසර විනාශය දුටු ජනාධිපතිතුමා එම ස්ථානයට සියලූ නිලධාරින් කැඳවනු ලැබුවා.

එම ස්ථානයට සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසයි ජනාධිපතිතුමා නියෝග කළේ.

එම කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමක් සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කලා. එමෙන්ම පොසොන් පොහොය නිමිත්තෙන් පොළොන්නරුවට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.

Siyatha Top Story | 05:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post