News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සම ඔක්තෝම්බර් 06 වනදා විභාගයට ගැනෙයි

487 Views


ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පෙත්සම ඔක්තෝම්බර් 06 වනදා විභාගයට ගැනෙයි

තම ජන්ම දින සැමරුමේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් සිදු කල ප‍්‍රකාශය පිලිබදව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන ලද්දේ එම අනුශාසනය නිසි පරිදි අවබෝධකර නොගත් පිරිස් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කලේ ප‍්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියේ වීරකැටිය ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සදහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සදහායි.

එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැය 3කට ආසන්න කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තුල රැදී සිටිමින් එම ප‍්‍රකාශය ලබා දුන්නා.

සිද්ධියට අදාළව පොදු දේපල පනත යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

එම පෙත්සම ලබන ඔක්තෝම්බර් 06 වනදා විභාගයට ගැනීමට නියමිතයි.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor: Amila Udaraka 


News Articles
Latest Videos
Most Popular Post