දකුණු දිග චීනයට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අධික වර්ෂාවත් සමග චීනයේ දකුණු ප‍්‍රදේශයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන්.
ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ගුයින්සු ප‍්‍රාන්තයේ ගම්මාන 10 කටයි. එම ගම්මානයේ නිවාස සියයකට පමණ ගංවතුරින් බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ වනවිට අදාළ නිවාසවලින් ජනතාව ඉවත් කිරීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ගංවතුර හේතුවෙන් වගාබිම් අක්කර දහස් ගණනක් විනාශ වී ඇති බව සදහන්. අධික වර්ෂා සහිත කාලගුණය ඉදිරියේත් පවතිනු ඇති බවට චීන කාලගුණ අංශ පවසනවා.