News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පලා ගිය පාතාල කල්ලි සමාජිකයින් සොයා මෙහෙයුම්

741 Views


කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පලා ගිය පාතාල කල්ලි සමාජිකයින් සොයා මෙහෙයුම්

මාතර – කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුවු වෙඩි හුවමාරුවේ දී පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පතාල කල්ලි සමාජිකයින් අතර වෙඩි හුවමාරුව සිදු වන අවස්ථාවේදී සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි.

කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඊයේ රාත‍්‍රියේ සිදුවු වෙඩි හුවමාරුවකින් ප‍්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙකු වන මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැත්තා මිය ගියා.

මොහු මාකඳුරේ මධූෂ් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු බවයි පොලීසිය පැවසුවේ. කඹුරුපිටිය ප‍්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් මේ දින වල සැරිසරණ බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරක් ලැබි තිබුණා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රාජකාරියේ යෙදී සිට තිබුනේ කඹුරුපිටිය අකුරැුස්ස මාර්ගයේ විල්පිට ප‍්‍රදේශයේ විශේෂ මාර්ග බාධකයක් යොදා ගනිමින්.

ඊයේ රාත‍්‍රියේ තිරෝද රථයක් අකුරැුස්ස සිට කඹුරුපිටිය දෙසට අණ නොතකා ධාවනය කර තිබුණා. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අදාළ තිරෝද රථය ලූහුබැඳගොස් ඇති අතර එය එක්වරම කැලෑබද ප‍්‍රදේශයකට අතුළු වී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ. එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදුකළ ප‍්‍රතිප‍්‍රහාරයෙන් අනතුරුව එම සැකකරු මිය ගියා.

Siyatha Top Story | 09:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post