රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු ප‍්‍රධානී පියසේන දිසානායක යන අය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද ප‍්‍රතික්ෂේප කළා.
ලබන මස 10 වන දා දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර සිටියේ.
සැකකරුවන් ලබා ගෙන ඇති අල්ලස් මුදලේ විශාලත්වය හේතුවෙන් නඩුව විභාග කර අවසන් වෙනතුරු ඔවුන් රක්ෂිත බන්ධාගාරයේ තැබීමට තම අධිකරණය තීරණය කර ඇති බව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළා.
සැකකරුවන් දෙදෙනාගේ කට හඬ සාම්පල ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා ලබන 29 වන දා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙයසි අධිකරණය අද බන්ධනාගාර අධිකරීවරයාට නියෝග කළේ.
රුපියල් කෝටි 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය මැයි මස 03 වනදායි.
රුපියල් කෝටි 10 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් මෙම වැටලීම සිදු කර තිබුණා.
කොළඹ පිහිටි ප‍්‍රධාන පෙළේ හෝටලයක් තුළ දී මෙම ගනුදෙනුව සිදුව තිබුනේ විදේශීය සමාගමක කොටස් හුවමාරුවකට අදාළවයි.
කොළඹ රොස්මිඞ් පෙදෙසේ පදිංචි ඉන්දීය ජාතිකයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
පුද්ගලික සමාගමක් වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව පැමිණිල්ලේ සදහන් වනවා.
SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Nayomi Karunasinghe