News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

නීති විරෝධීව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු වැල්ලවායේදී අත්අඩංගුවට

617 Views


නීති විරෝධීව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු වැල්ලවායේදී අත්අඩංගුවට

නීති විරෝධීව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුඩාඔය පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී.

පොලීසිය පැවසුවේ එම වැටලීම සදහා ලෑන්ඩ වර්ගයේ පොලිස් සුනඛයාගේ සහය ද ලබා ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ පදිංචි 50 සහ 60 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් කලක සිට ප‍්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් බවයි මූලික පොලිස් පරීක්ෂණ අනාවරණය වී ඇත්තේ. සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post