News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නඩුව ජුලි මස 25 වනදා දක්වා කල් දැමෙයි

504 Views


රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නඩුව ජුලි මස 25 වනදා දක්වා කල් දැමෙයි

ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු යන අයට එරෙහි නඩු විභාගය ජුලි මස 25 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකාර විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ශල්‍යකර්මයකට භාජනය වී රෝහල්ගතව සිටින බව පැවසූ ඔහුගේ නීතිඥවරුන් ඒ බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව නඩු විභාගය ජුලි මස 25දා දක්වා කල් දැමූ මහාධිකරණ විනිසුරුවරයා එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කළේ.

මේ අතර හිටපු ක‍්‍රීඩා අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූ‍ත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජුලි මස 09 වන දා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළා.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම නඩුව විනිසුරු ගිහාන් කුලතුංග මහතාගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයෙකු ඉදිරියේ විභාගයට ගන්නා මෙන් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බවයි.

එම නියෝගයේ පිටපතක් මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එහි පිටපතක් ජූලි මස 09 වන දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කළා.

Siyatha Top Story | 04:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post