News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

හලාවත ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ඝාතනය කළ සිසුන් තුන්දෙනා රජයේ ළමා නිවාසයකට

562 Views


හලාවත ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ඝාතනය කළ සිසුන් තුන්දෙනා රජයේ ළමා නිවාසයකට

හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවාට පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සිසුන් තුන්දෙනා ලබන මස 03 වනදා දක්වා රජයේ ළමා නිවාසයක රදවන ලෙස අද නියෝග කෙරුණා.

ඒ සිද්ධියට අදාළ නඩුව අද හලාවත දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

අදාළ සිසුන් තුන්දෙනා මීට පෙර අත්අඩංගුවට ගෙන දෙදෙනෙකු ඇප මත මුදා හැර තිබූ අතර අනෙක් සිසුවා ළමා නිවාසයක රදවා තිබුණා.

සැකකාර සිසුන් හලාවත සවරාන මුස්ලිම් විදුහලේම 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් බවයි පොලිසිය සදහන් කළේ.

හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ මොහොමඞ් රිස්වි සිසුවා පසුගිය 15 වනදා දේවමෙහෙයකට සහභාගී වී ආපසු යමින් සිටියදී මෙම පහර කෑමට ලක්ව තිබුණා.

ඉන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියගියේ පසුගිය 23 වනදා අලූයමයි.

Siyatha Top Story | 05:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post