News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගත් පේරාදෙණියේ ගුරුවරියක් අත්අඩංගුවට

614 Views


අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගත් පේරාදෙණියේ ගුරුවරියක් අත්අඩංගුවට

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගත් සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. ඒ මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතා ලබාදුන් නියෝගයට අනුවයි.

අදාළ සැකකාර ගුරුවරිය සිසිටීවී දර්ශන උපයෝගී කරගෙන පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ගුරුවරියක් පසුගියදා පැමිණිලි කර තිබුණේ තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත මහනුවර වෙළඳසැලකදී නැතිවූ බවයි. ඒ අනුව පේරාදෙණිය පොලිසිය සිදුකළ පරීක්ෂණයකදී මෙම ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

Siyatha Top Story | 01:00 PM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post