ඛණිජ තෙල් මිළ සූත‍්‍රය විනිවිදභාවයෙන් යුතුව ක‍්‍රියාත්මක කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමිතිය හිමිව තිබෙනවා.
ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඊට අදාළ යෝජනාවක් ඉදිරිපත් කලේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. අදාළ කමිටුව මහා භාණ්ඩාගාරයේ හා ඛණිජ තෙල් අමාත්‍යාංශයේ නිළධාරීන්ගෙන් සමන්විතව පත් කිරීමට නියමිතයි.
එම කමිටුව මාස 03 කට වරක් රැස්වී ඉන්ධන මිළ ගණන් සම්භන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ දැක්වුනේ.
පසුගිය මැයි මස 11 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සදහාමිල සූත‍්‍රයක් හදුන්වා දීමට පියවර ගැනුනා. අවසන් වරට ඉන්ධන මිළ ගණන් ඉහළ නැංවුනේ පසුගිය මැයි මස 10 වනදායි.
Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe